
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පින්නවල අලි අනාථාගරයේ වෙසෙන ‘වරුණ’ අලියාගේ සෞඛ්‍ය තත්වය අයපත් මට්ටමකට ළගා වී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
හොරොව්පතාන ප්‍රදේශය ආශ්‍රිත කැලෑවක හුදකලාව සිටියදී මාස කිහිපයක කුඩා පැටවකු ලෙස හමුවූ මෙම සත්වයා රිටිගල අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් අවුරුද්දක් පමණ වයස වූ පසු පින්නවල අලි අනාථාගාරය වෙත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේදී භාරදෙනු ලැබීය.
මෙම සත්වයාගේ වර්ධනය සාමාන්‍ය අලියෙකුගේ වර්ධන වේගයට වඩා අඩු මට්ටමක් පෙන්වීම හේතුවෙන් පින්නවල අලි අනාථාගාරයේ පශූ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකළ රුධිර පරීක්ෂණ හා අනෙකුත් අත්‍යවශ්‍ය පරීක්ෂණවලදී මෙම සත්වයාට Hyperthyroidism ලෙස හඳුන්වන හෝර්මෝන අසමතුලිතතාවක් (Hormonal Imbalance) පවතින බවට මිට වසර කිහිපයකට පෙර සොයා ගැණිනි.
මෙම රෝගී තත්වය ශරීර වර්ධනයට සෘජුවම බලපාන අතර එය සත්වයාගේ ආහාර ගැනීම අඩුවීමට හේතුවන බැවින් එය රුධිරගත ග්ලූකෝස් මට්ටම අඩුවීමටද හේතු වේ.
එවැනි අවස්ථාවලදී සත්වයා බිම වැතිර සිටින අතර එහිදී පශූ වෛද්‍ය නිලධාරීන් විසින් සේලයින් මගින් ග්ලූකොස් ලබාදීම හා බාහිර යන්ත්‍රෝපකරණ (ක්‍රේන් මඟින්) සත්වයාට නැවත සිටගැනීමට අවශ්‍ය සහාය ලබාදීම මිට පෙර අවස්ථා කිහිපයකදී සිදුකළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊයේ (04) උදෑසනද මෙම අලියා බිම වැතිර සිටිනු නිරීක්ෂණය කර ඇති අතර සත්ව අංශයේ සත්ව පාලක හා සේවක පිරිස් එක්ව මෙම සත්වයාට සේලයින් සමග අවශ්‍ය ග්ලූකොස් ප්‍රතිකාරය ලබාදී ක්‍රේන් භාවිතා කර සත්වයා නැගිසිටුවීමට උත්සාහ දරා තිබේ.
කෙසේවෙතත් සත්වයා පසුගිය අවස්ථාවල මෙන් ඒ සදහා ප්‍රතිචාර නොදක්වන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart