September 24, 2023

සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංගට 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිවී තිබේ.

පසුගියදා නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරවාරයේදී අබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට ආසියානු කුසලාන තරගාවලියද අහිමි විය.

පසුව, ඔහු පසුගිය දිනවල යළි පුහුණුවීම් ආරම්භ කළ නමුත්, යළි පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට එක්දින ලෝක කුසලානය අහිමිව ඇත.

වනිඳුගේ පාදයේ අබාධය තෙවැනි කාණ්ඩයට අයත් බැවින් ශල්‍යකර්මයක් සිදුකරනවා නැද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ඉදිරියේදි තීරණය කිරීමට නියමිතව ඇත.

මේ අතර, අබාධයකට ලක්ව සුවය ලබමින් සිටින වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරටද එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමිව ඇත්තේ, අබාධයෙන් අනතුරුව සුවය ලැබුවද සුපුරුදු රිද්මයට පැමිණිමට අපොහොසත් වීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ලබන මස 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නම් කර නැත.