June 29, 2023

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02කින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව, 2022 මාර්තු 03 සිට 2023 ජුනි 30 දක්වා කාලය තුළ නිකුත් කරන ඇති සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව, අදාළ තාවකාලික රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ දින සිට වසර 2කට දීර්ඝ කර තිබේ.

මුද්‍රණ කාඩ්පත් හිඟය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.