Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවක තම සැමියා ලවා පැරැණි පෙම්වතා නිරුවත් කර ඔහුගේ කකුල් දෙකම කඩාදැමීමේ සිද්ධියක් ගාල්ල පොලිසියෙන් පෙම්වතුන්ගේ දිනය යෙදුණු ඊයේ (14) වාර්තා වී ඇත.
දොඩන්දූව ප්‍රදේශයේ තරුණියක හික්කඩුව කලුපෙ පදිංචි තරුණයකු සමඟ මෙයට වසර දහයකට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකගෙන ඇති බවත්, කාර්මික විදුහල් අධ්‍යාපනයෙන් පසුවද ටික කලක් ප්‍රේම සම්බන්ධතාව පවත්වා තිබූ බවත් පැවැසේ.
පසුව ඇය වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී ඇති අතර, පැරැණි පෙම්වතාද ඇය සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත.
එහෙත් පසුකාලීනව ඇයට නිතරම ඔහු දුරකතන ඇමතුම් දීම කරදරයක් වී ඇති බවත්, පැරැණි පෙම්වතාගෙන් බිරිඳට ලැබෙන දුරකතන ඇමතුම් පිළිබඳ ඒ අතරේදී ඇයගේ සැමියාගේද කණවැටී ඇති බවත්, පොලිසිය කියයි.
මේ ඇමතුම් නතර කරන්නේ කෙසේ දැයි කල්පනා කළ සැමියා ඇයට උපදෙසක් දී ඇති අතර, ඒ අනුව ඇය පැරැණි පෙම්වතාගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට ආදරයෙන් පිළිතුරු දී ඇත. “හරි ඔයා දඩල්ල මුහුදු වෙරළට එන්න. මම එන්නම්” එසේ ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව ඔහු දඩල්ල මුහුදු වෙරළට පැමිණි අවස්ථාවේදී ඇයගේ සැමියා එක්වරම යකඩ පොල්ලකින් පහරදී ඔහුගේ පාද දෙකම කඩාදමා ඔහු නිරුවත් කර ඇතැයි විමර්ශන වලදී හෙළි වී ඇත.
ඒ සමගම ඇය බස් රථයක නැගී ගිය අතර, සැමියා ද තවත් අයකු සමග යතුරු පැදියේ නැගී පළාගොස් තිබේ.
මේ අතර, මුහුදු වෙරළට පැමිණි පුද්ගලයකුට ගස් අකුලේ පුද්ගලයකු කෙඳිරිගාන ශබ්දයක් ඇසී බලන විට කකුල් කැඩුණ නිරුවත් පුද්ගලයකු සිටින බව දැකගන්නට ලැබී, වහාම ගිලන් රියක් ගෙන්වා ඔහු කරාපිටිය රෝහලට යවා පොලිසියට දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart