Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී පුද්ගලයකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගේ අණින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වඩුක්කෝට්ටේ නාවික හමුදා මුරපොළ ආසන්නයේදී සිදුව ඇති මෙම අපරාධයේදී නාවික හමුදා නිලධාරීන් අතින් යම් වරදක් සිදුව තිබේ නම්, තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන ලෙසට නාවික හමුදාපතිවරයා දැනුම්දී ඇත.
මෙම අපරාධ සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණවලට සහාය ලබාදෙන අතරේ නාවික හමුදාව වහාම විනය පර්ක්ෂණයක් ආරම්භ කළ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබෙන බවත් හා හමුදා මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසුරිය පැවැසීය.
වඩුක්කෝට්ටේ නාවික හමුදා මුර කුටිය ආසන්නයට පසුගිය 11 වැනිදා යුවලක් පැමිණ තිබෙන බවත්, ඔවුන් පසුපස වාහනවලින් බොහෝදෙනකු පැමිණ තිබූ බවත්, පැවැසූ මාධ්‍ය අධ්යක්ෂවරයා, ඒ වනවිට එක් නාවික හමුදා නිලධාරියකු සතුව පමණක් තුවක්කුවක් තිබී ඇතැයි සඳහන් කළේය.
විශාල පිරිසක් පැමිණෙන ආකාරය CCTV විඩියෝ දර්ශනවලද සටහන්ව තිබෙන බවත්, එම අවස්ථාවේදී නාවික හමුදා සෙබළුන් හැසිරුණු ආකාරය පිළිබඳව මෙම විමර්ශනයේදී අවධානයට යොමුකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
දෙපාර්ශවයක් අතාර් දීර්ඝ කාලයක් පවතින කුල ප්‍රශ්නයක් මෙම සාතනයට හේතුවවී ඇතැයි දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බවද නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart