November 12, 2024

ගෝලීය තරුණ ගැටලු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් නොවැම්බර් 12-15 අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අයගේ මෙම සංචාරය මගින් දකුණු ආසියාවේ තරුණ නායකයන් සවිබල ගැන්වීම, ප්‍රජා සහභාගීත්වය පිළිබඳ සහයෝගීතාව පෝෂණය කිරීම සහ තරුණ නායකත්වය, සංස්කෘතික සංරක්ෂණය සහ ප්‍රජා ගැටලු විසඳීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම ඉස්මතු කරයි.

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ක්‍රියාකාරීත්වයේ බලපෑම, අධ්‍යාපනය, නායකත්වය සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳ වැඩසටහන් ඔස්සේ තරුණ නායකයන් බලගන්වන ආකාරය සහ සමාජ හා ආර්ථික වර්ධනය පෝෂණය කරන ආකාරය විශේෂ නියෝජිත ෆින්කෙනෝවර් සියැසින් දැක බලා ගැනීමට නියමිතය.

ඇය එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් සමඟින් තානාපති කාර්යාලයේ තරුණ සංසදය සහ නැගී එන නායකයන් පිළිබඳ ඇකඩමියේ ආදි සිසුන් සම්බන්ධ කර ගනු ඇත.

එම ඇකඩමිය USAID සහාය දක්වන වැඩසටහනක් වන අතර එය අඩු නියෝජනයක් ඇති කණ්ඩායම් අතර සිවිල් කටයුතු සහ නායකත්වය දිරිමත් කිරීම එහි අරමුණ වී තිබේ.

ඇය එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහාය ලබන Women in Motion වැඩසටහන සමඟද සම්බන්ධ වීමට නියමිතය.

එම වැඩසටහන නිර්මාණාත්මක කර්මාන්තවල වෘත්තීන් හැදෑරීමට තරුණ කාන්තාවන් දිරිමත් කරයි.

විශේෂ නියෝජිත ෆින්කෙනෝවර් එක්සත් ජනපදයේ සහාය දක්වන කුසලතා ගොඩනැගීමේ වැඩසටහන්වල බලපෑම පිළිබිඹු කරන සාර්ථක තරුණ ව්‍යවසායකයන් හමුවීමට යෑමට නියමිතව තිබේ.

මෙම සංචාරය හරහා විශේෂ නියෝජිත ෆින්කෙනෝවර් දකුණු ආසියාතික තරුණ නායකයන් සමඟ හවුල්කාරිත්වය ගැඹුරු කිරීම සහ ගෝලීය වශයෙන් තරුණයන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම අරමුණු කර තිබේ.

 

42.31%
17.27%
32.76%