Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මානව හිමිකම් උල්ලංඝනය කරන්නට ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකාව අවම පියවර ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කාර්යාංශය විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ නිකුත් කළ වාර්තාවෙන් චෝදනා කර තිබේ.
අත්තනෝමතික හෝ නීති විරෝධී ඝාතන, වධහිංසා හෝ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැළකීම හෝ රජය විසින් දඬුවම් කිරීම, දරුණු සහ ජීවිතයට තර්ජනයක් වන සිරගෙවල්වල තත්ත්වයන් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැනි වැදගත් මානව හිමිකම් ගැටලු වාර්තා වී ඇති බව එම වාර්තාව පවසයි.
“වසර තුළ රජය හෝ එහි නියෝජිතයන් අත්තනෝමතික හෝ නීතිවිරෝධී ඝාතන, අධිකරණ ක්‍රියාවලියකින් ලබා දී ඇති නීත්‍යනුකූල බලය නොමැතිව හිතාමතාම කළ ඝාතන ඇතුළු ක්‍රියා සිදු කළ බවට වාර්තා කිහිපයක් පළ විය. පොලිස් අත්අඩංගුවේ දී මරණ කිහිපයක් සිදු වූ අතර, බොහෝ සිදුවීම් සමාන රටාවක් අනුගමනය කර තිබේ. පොලිසිය සැකකරුවන් රැගෙන යෑමේදී බොහෝ මරණ සිදු වී ඇත. විමර්ශනයක කොටසක් ලෙස අපරාධ සිදු වූ බවට චෝදනා කරන ලද හෝ ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ඔවුන්ට පහර දුන් බවට හෝ පැන යෑමට උත්සාහ කළ බවට ප්‍රකාශ කර ඇත,” යනුවෙන් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් ගණනාවක් රජය ඇප මත මුදා හැර ඇති අතර, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, හෝ අන්තර් ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම නැවැත්වීම සඳහා පොලිසිය නව මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව ද වාර්තාව පවසයි.
මුදල් හිඟ බව පවසමින් රජය මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ බවත් වාර්තාවේ සඳහන් වේ.
ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට සහ දඬුවම් කිරීමට සහ රජයේ ප්‍රතිපත්ති හෝ නිලධාරීන් විවේචනය කිරීම වැළැක්වීම සඳහා බලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ICCPR පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අඛණ්ඩව යොදාගෙන ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවෙන් චෝදනා කළේ නිලධාරීන්ගේ දූෂණ සම්බන්ධයෙන් නීතියෙන් සාපරාධී දඬුවම් ලබා දී ඇති නමුත් රජය එම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකළ බවයි.
“රජයේ ඉහළම මට්ටම් වල සිට දූෂණය සැළකිව යුතු හා අඛණ්ඩ ගැටලුවක් ලෙස පැවතී තිබේ. අන්තර්ජාතික සමාගම් රේගු නිෂ්කාශනවල සිට රජයේ ප්‍රසම්පාදනය දක්වා වූ කරුණු සම්බන්ධයෙන් අල්ලස් ඉල්ලීම් නිතර වාර්තා වී ඇත,” යනුවෙන්ද වාර්තාව පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සඳහන් කරමින් මෙම වාර්තාව පවසන්නේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් 25 දෙනෙකුගේ නඩු සම්බන්ධයෙන් එම වසර තුළ සුළු ප්‍රගතියක් ලබා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart