December 26, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරනු ලැබීය.

ඒ ඉතිහාසයේ පළමු වරට ඒකක 15,400 සීමාවට පැමිණෙමිනි.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේ දී එය ඒකක 15,400.53 ක් ලෙසින් සටහන් විය.

මෙය පෙර දිනයට සාපේක්ෂව 1.53% ක ඉහළ යෑමකි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 67.15 කින් හෙවත් 1.48% කි් අද දින ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 4,602.40 ක් ලෙසින් සටහන් විය..

රුපියල් බිලියන 7.04 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

ඒ අනුව අඛණ්ඩව කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය 22 වැනි දිනය ලෙස අද වාර්තා විය.

42.31%
17.27%
32.76%