Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම් තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) එහි මීළඟ සැසියේදී ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රකාශයක් නිකුත් කරමින් එම කමිටුව කියාසිටියේ, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (ගැටුම්වලදී ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සුවිශේෂී වාර්තාව), නේපාලය, බෙලරුස්, ලක්සම්බර්ග්, බෙලීස්, කොංගෝ, ශ්‍රී ලංකාව සහ ලිච්ටෙන්ස්ටයින් යන රටවල් සමාලෝචනය කිරීම සඳහා එහි ඉදිරි සැසිවාරය පෙබරවාරි 3 සිට 21 දක්වා පවත්වන බවයි.
ඉහත රටවල් අට කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතියේ පාර්ශව 189 අතර වේ.
ඔවුන් සම්මුතිය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව ස්වාධීන අන්තර්ජාතික විශේෂඥයන් 23 දෙනකුගෙන් යුත් කමිටුව විසින් නිරන්තර සමාලෝචනවලට භාජනය විය යුතුය.
ජාතික මානව හිමිකම් ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් මූලාශ්‍රවලින් අදාළ රටේ වාර්තා සහ තොරතුරු ලබාගත් කමිටුව, රටවල් අටේ කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා මහජන රැස්වීම් පවත්වනු ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සමාලෝචනය පෙබරවාරි 13 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart