Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනුකර ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
තොරතුරු දැන ගැනීමේ පනත අනුව සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) කළ ඉල්ලීමකට අනුව අදාළ තොරතුරු මුදාහරිමින් පොලිසිය මේ බව සඳහන් කර ඇත.
මෙම පනත යටතේ 2017 වසරේ දී 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනා නීතිපති උපදෙස් අනුව මුදාහැර තිබේ.
2017 වසරේ ගිංතොට සිදුවීමට අදාළව මම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2017 නොවැම්බර් මස 16 වැනිදාය.
ඊට අදාළ පැමිණිල්ල ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර, සැකකරුවන් 19දෙනා මුදාහරින ලෙස නීතිපති උපදෙස් ලැබීමෙන් පසු සැකකරුවන් මුදාහැර තිබේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේදීය. ඒ මහනුවර දිගන ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිතව ඇතිවූ සිංහල-මුස්ලිම් ගැටුම්වලට සමගාමීවය.
2018 වසරේ දී මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් 43කට අදාළ ව මේ වන විට මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
2019 වසරේ දී මෙම පනත යටතේ 08දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් දෙදෙනකු නීතිපති උපදෙස් අනුව මුදාහැර තිබේ.
2019 සැප්තැම්බර් පස්වැනිදා අත්අඩංගුවට ගත් පුත්තලමේ පුද්ගලයකුට අදාළව අධිචෝදනා ගොනුකිරීමට නියමිත අතර, සෙසු පිරිසට අදාළව මේ වන තෙක් නීතිපති උපදෙස් ලැබී නැත.
2019 වසරේ මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස අතර ආරණ්‍ය සේනාසනයකට යන මාර්ගයේ ගසා තිබූ බෞද්ධ කොඩි සෙරාගත් බව කියන දෙදෙනෙක් ද සිටින අතර, ඔවුන් දෙදෙනා වැලිකන්ද පොලිසියෙන් 2019 මාර්තු 28 අත්අඩංගුවට ගෙන මාර්තු 29 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිට 2021 ජුනි 07 වැනිදා ඇප ලබා තිබේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 2020 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 26 දෙනෙකි. ඔවුන් කිසිවකුට එරෙහිව අධිචෝදනා ගොනුකර නොමැත.
මෙම පිරිසෙන් හත්දෙනෙක් කයිට්ස් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාවික හමුදාවේ දෙදෙනකුට අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙනි.
2021 වසරේ දී මෙම පනත යටතේ එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට වෙනත් නීතියක් යටතේ අධිචෝදනා භාර දීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
2022 වසරේ දී මෙම පනත යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත්, 2023 වසරේ පළමු මාස හතරේ තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පෙලිසිය පවසයි.
එම තිදෙනාගෙන් එක් අයකු වරද පිළිගැනීම මත නඩුව අවසන් කර ඇති බවත්, තවත් අයකුට එරෙහිව අධිචෝදනා ගෙනුකර ඇති බවත්, පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිසිය ලබා දුන් මෙම තොරතුරුව ඇතැම් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් නොමැති බව ඒවා පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත.
2019 දී අත්අඩංගුවට ගත් ශක්තික සත්කුමාරගේ, 2020 දී අත්අඩංගුවට ගත් රම්සි රාසික්ගේ ආදී නම පවා මෙම ලැයිස්තුවේ නොමැතිවීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart