Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර දෙකකට පෙර පැවති මහජන විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටි නමුත්, මෙම ඉල්ලීම් බොහොමයක් ඉටු නොව බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පෙන්වා දුන්නේය.
2021 සහ 2023 අතර දරිද්‍රතා අනුපාතය දෙගුණයක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ද අවිනිශ්චිත බව ඔහු පැවසීය.
ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ බලශක්තිය වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා අතරින් තෝරාගැනීමට බොහෝ කුටුම්භවලට බලකෙරී ඇති බවද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ බව සඳහන් කළේ ඊයේ ජිනීවාහි ආරම්භවූ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ ආරම්භක දිනයේ ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ සාකච්ඡාව ආරම්භ කරමිනි.
ශ්‍රී ලංකාව මේ වසරේ ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට ළං වන විට, වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් සඳහා කැපවන ලෙස ටර්ක් අලුතින් තේරී පත්වීමට නියමිත ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබා දෙන සහ පුරවැසියන්ට සහ සිවිල් සමාජයට සීමාකිරීම් පුළුල් කරන නව යෝජිත නීති පිළිබඳව ටර්ක් විශේෂ අවධානයක් යොමුකළේය.
ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වින්දිතයන් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට නිරන්තර හිරිහැර කිරීම්, සෝදිසි කිරීම් සහ බියගැන්වීම් පිළිබඳ වාර්තා පිළිගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.
අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතින අතර, පොලිසියේ සහ ආරක්ෂක අංශවල අපයෝජනයන් බහුලව පවතින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශන කටයුතුවල ද පවතින්නේ සීමිත ප්‍රගතියක් බව ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart