Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක ගණනාවක් පුරා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ දස දහස් ගණනකගේ ඉරණම සහ ඔවුන් සිටින තැන හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගතයුතු අතර වගකිව යුතු පුද්ගලයින් වගවීමට ලක්කළ යුතු බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වාර්තාවක් නිකුත් කර තිබේ.
ආරක්ෂක හමුදා සහ අනුබද්ධ පැරා මිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙසත් එම වාර්තාව මගින් මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී.
“මෙම වාර්තාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ සියලුම ශ්‍රී ලාංකිකයන් කිසිදා අමතක නොකළ යුතු බවට තවත් මතක් කිරීමක්” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.
“ඔවුන්ගේ පවුලේ අය සහ ඔවුන් ගැන සැලකිලිමත් වන අය බොහෝ කාලයක් බලා සිටියා. ඔවුන්ට සත්‍යය දැනගැනීමට අයිතියක් ඇත.” “බලහත්කාරයෙන් අතුරුදන් කළ සියලු දෙනාට රජය ණයගැතියි. මෙම අපරාධ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම ඉතා වැදගත් වේ. මෙම අපරාධ ඔවුන්ගේ ආදරණීයයන් පමණක් නොව සමස්ත ප්‍රජාවන් සහ සමස්ත ශ්‍රී ලාංකීය සමාජයම කම්පනයට ලක්කරයි” යනුවෙන් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර්ජාතික ප්රඥප්තිය අනුමත කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය පිහිටුවීම වැනි අනුප්‍රාප්තික රජයන් විසින් ධනාත්මක විධිමත් පියවර කිහිපයක් තිබියදීත්, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අවම බව වාර්තාව සඳහන් කරයි.
“1970 සහ 2009 අතර, පුලුල්ව පැතිරුණු බලහත්කාර අතුරුදහන් කිරීම් මූලික වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම් විසින් සිදුකරන ලදී. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ද පැහැරගැනීම්වල නිරත වූ අතර, බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම එය විස්තර කළේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට සමාන” ලෙසයි.”
තනි පුද්ගල සහ කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා මත පදනම්ව, බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ පවුල්වලට, විශේෂයෙන්ම කාන්තාවන්ට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වල පවතින මානසික, සමාජීය සහ ආර්ථික බලපෑම පිළිබඳ වාර්තාව මගින් විස්තර කරයි.
“අතුරුදන් වූ බොහෝ පුද්ගලයන් පිරිමින් බැවින්, ලිංගික හිරිහැර හා සූරාකෑමේ අවදානම් ඇතුළු කාන්තාවන්ගේ සහභාගීත්වයට බොහෝ බාධා ඇති කරන ශ්‍රම පරිසරයක් තුළ බොහෝ විට පවුලක එකම ආදායම් උපයන්නා බවට පත් වී ඇත්තේ කාන්තාවන්ය.”
අතුරුදහන්වූවන් සෙවීමේ ප්රයත්නයන්වල ඉදිරියෙන්ම සිටින බොහෝ කාන්තාවන් හමුදාව සහ පොලිසිය අතින් හිරිහැර කිරීම්, බිය ගැන්වීම්, සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, පහරදීම් සහ වධහිංසා පැමිණවීම් ඇතුළු උල්ලංඝනයන්ට ලක්ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart