42.31%
17.27%
32.76%
October 13, 2023

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කණස්සල්ල පළකර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසා ඇත්තේ, මෙම පනත් මගින් බලධාරීන්ට පුළුල් බලතල රැසක් ලබා දෙන අතර, අන්තර්ජාතික මානව හිමිකම් නීතියට අනුකූල නොවන ආකාරයෙන් මානව හිමිකම්වලට සීමා පැනවිය හැකි බවයි.

යෝජිත ‘ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත’ මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය විසින් දිගු කලක් තිස්සේ සැළකිල්ලක් දක්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැවත ගෙන ඒමට උත්සහ කරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

“මෙමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිවාසිකම් සීමාකිරීම් අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීමට බොහෝ දුරට ඉඩ ඇත. පනත් කෙටුම්පතට තවමත් ත්‍රස්තවාදය පිළිබඳ ඕනෑවට වඩා පුළුල් නිර්වචනයක් ඇතුළත් වන අතර, ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් නැවැත්වීමට, ප්‍රශ්න කිරීමට සහ සෙවීමට, අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල ලබාදෙයි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සාමාන්‍ය ජනතාව ඇතුළුව සබැඳි සන්නිවේදනය දැඩි ලෙස නියාමනය කර සීමාකරනු ඇතැයි අපි විශ්වාස කරන අතර, පාලනාධිකාරිය එකඟ නොවන ප්‍රකාශන “අසත්‍ය ප්‍රකාශ” ලෙස ලේබල් කිරීමට සහ සීමා කිරීමට බලධාරීන්ට අසීමිත අභිමතය ලබාදෙනු ඇත. පනත් කෙටුම්පතේ බොහෝ වගන්තිවල අපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති නියමයන් සහ වැරදි පිළිබඳ නිර්වචන අඩංගු වන අතර, එමඟින් අත්තනෝමතික හා ආත්මීය අර්ථකථනය සඳහා සැලකිය යුතු ඉඩක් ඉතිරි වන අතර, ප්‍රකාශනයේ නිදහස කෙරෙහි බලපෑමක් ඇති කරන පරිසරයක් නිර්මාණය කරමින්, නීත්‍යානුකූල ප්‍රකාශනය සෑම ආකාරයකම පාහේ අපරාධ බවට පත්කළ හැකි විධාන අඩංගු වේ.”

42.31%
17.27%
32.76%