June 1, 2024

පිළිකා ප්‍රතිකාර පිළිබඳ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශල්‍යකර්මයෙන් පසු රෝගය නැවත ඇතිවීම වැළැක්විය හැකි, පුද්ගලයා අනුව සැකසූ පිළිකා එන්නතක් එක්සත් රාජධානිය පළමුවරට රෝගියකුට ලබා දී තිබේ.

බඩවැල ආශ්‍රිත පිළිකා රෝගියකු වන Elliot Pfebve රසායනික චිකිත්සාව සඳහා බර්මින්හැම් රැජින එලිසබෙත් රෝහල වෙත යොමු කර අතර ඔහුගේ මහ අන්ත්‍රයෙන් සෙන්ටිමීටර 30ක ගෙඩියක් ඉවත් කිරීමෙන් පසු සායනික පරීක්ෂණයට සහභාගී විය.

55 හැවිරිදි සිව්දරු පියකු වන Pfebve, සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී මෙම රෝගය ඇති බව සොයා ගෙන තිබේ.

උසස් අධ්‍යාපන කථිකාචාර්යවරයකු ද වන ඔහු පවසන්නේ මෙම කටයුත්ත සඳහා සහභාගී වීම සිය වෘත්තියට සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් පුද්ගලයකු ලෙස සුදුසු දෙයක් බවයි.

මෙම වැඩසටහන යටතේ ඉදිරි වසරවලදී විවිධ ආකාරයේ පිළිකා සඳහා එන්නත් අත්හදා බැලීම් සඳහා එංගලන්තයේ තවත් පිළිකා රෝගීන් දහස් ගණනක් බඳවා ගන්නා බව නිලධාරීහු පවසති.

mRNA නැමති තාක්ෂණය භාවිතයෙන් ජෛව ඖෂධ සමාගම් BioNTech සහ Genentech විසින් නිපදවන ලද එන්නත, රෝගියකුගේ පිළිකාවක නිශ්චිත විකෘති සොයා බැලීමෙන් ක්‍රියා කරනු ලබයි.

එහිදී වෛද්‍යවරුන් විසින් භාවිත කරන්නේ පුද්ගලාරෝපිත ප්‍රතිකාරයක් නිර්මාණය කිරීමට තොරතුරු යොදාගැනීමයි.

එන්නත නිර්මාණය කර ඇත්තේ ශල්‍යකර්මයෙන් පසු පිළිකා ඉවත්කිරීම සඳහා රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමට වන අතර එමඟින් ඉතිරිව ඇති පිළිකා සෛල හඳුනාගෙන ඒවාට පහර දිය හැකි වේ.

පිළිකා එන්නත් ලබාදීමේ වැඩසටහන රෝගීන් සඳහා පිළිකා එන්නත් සායනික අත්හදා බැලීම් සඳහා ප්‍රවේශය වේගවත් කිරීමට සකසා ඇත.

එමගින් එංගලන්තයේ ප්‍රතිකාර ලබන රෝගීන් පිළිකා එන්නත් සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධ වීමට ඇති සුදුසුකම් සඳහා ඇගයීමට ලක්කළ හැකි අතර මෙම පරීක්ෂණ පවත්වන රෝහල් වෙත යොමු කළ හැකිය.

නවෝත්පාදන හවුල්කරුවකු ලෙස එරට ජාතික සෞඛ්‍ය පද්තිධයේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින්, 2030 වන විට පුද්ගලයාට අනුරූපව සැකසූ පිළිකා ප්‍රතිකාර සමඟ රෝගීන් 10,000කට සැපයීම ඔවුන් අරමුණු කර තිබේ.

42.31%
17.27%
32.76%