Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නවාතැන්පොළකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශනවලදී බ්‍රිතාන්‍යය රජය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටින බව ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය වාර්තා කරයි.
අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කොළඹ පිහිටි නවාතැන්පලකදී රෝගී වී මියගිය බව වාර්තා විය.
24 හැවිරිදි එම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව නවාතැන්පොළේදී ඇදවැටී රෝහල්ගත කර තිබිණි.
එම නවාතැන්පොළේ සිටියදී තවත් විදේශිකයන් දෙදෙනකු ද රෝගී වී රෝහල්ගත කර තිබූ අතර ඉන් එක් අයකු මියගොස් තිබිණි. එම දෙදෙනාම ජර්මානු ජාතිකයන් බව පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේදී මියගිය බ්‍රිතාන්‍ය කාන්තාවකගේ පවුලට සහයෝගය දක්වන අතරම අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා මෙරට වගකිවයුතු ආයතන සමඟ සම්බන්ධ වී සිටින බවයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ තවත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ඇගේ පෙම්වතා විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව වියට්නාමයේ හෝටලයකට ගොස් සිටියදී මියයෑමේ සිද්ධියක් වාර්තාවීමෙන් සති කිහිපයකට පසුවය.
33 සහ 36 හැවිරිදි වියේ පසුවූ ඔවුන් දෙදෙනා වයින් පානය කිරීමෙන් පසු හෝටල් කාමරයේ වැටී සිටි බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart