June 23, 2024

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම පසුගිය සිකුරාදා ප්‍රතික්ෂේප කර ඇත.

ආරුමුගම් සහ වෙනත් අය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ලේකම් එදිරිව කරන ලද අභියාචනයකදී කොමිසම සිකුරාදා සිය තීන්දුව ලබාදී තිබේ.

TGTE තර්ක කර ඇත්තේ, එල්ටීටීඊය ප්‍රචණ්ඩකාරී නොවන මාධ්‍යයන් හරහා තම දේශපාලන සහ මතවාදී අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරමින් සිටින බව පවසමිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ උතුර-නැගෙනහිර ස්වාධීන දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමට TGTE සහාය දක්වයි.

2001 මාර්තු 29 වැනි දින, එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම්වරයා 2001 ත්‍රස්තවාදී පනතේ (තහනම් කළ සංවිධාන) (සංශෝධන) නියෝගයේ 2 වැනි උපලේඛනයේ තහනම් සංවිධාන ලැයිස්තුවට එල්ටීටීඊය සංවිධානය එක්කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම ඉවත් කරවා ගැනීමට මීට පෙරද උත්සාහයන් සිදුවිය.

2018 දෙසැම්බර් 7 වන දින, 2000 ත්‍රස්තවාදී පනතේ 4 වැනි වගන්තියට අනුව එල්ටීටීඊය 2 උපලේඛනයෙන් ඉවත් කරන ලෙස TGTE එක්සත් රාජධානියේ ස්වදේශ දෙපාර්තමේන්තුවට ඉල්ලුම් කළේය.

ඒකාබද්ධ ත්‍රස්තවාදී විශ්ලේෂණ මධ්‍යස්ථානය, එක්සත් රාජධානියේ දේශීය හා අන්තර්ජාතික ත්‍රස්තවාදී තර්ජන පිළිබඳ විශ්ලේෂණය සහ තක්සේරු කිරීමේ මධ්‍යස්ථානය විසින් තක්සේරු කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් වූ සමාලෝචන ක්‍රියාවලියකින් පසුව, රාජ්‍ය ලේකම්වරයා 2019 මාර්තු 8 වන දින එම අයැදුම්පත ප්‍රතික්ෂේප කළේය.

42.31%
17.27%
32.76%