October 27, 2023

මාස 16ක දරුවෙකු ප්‍රාණ ඇපයට ගෙන මව දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පූගොඩ මහේස්ත්‍රාත් විශාන් ඒකනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අවුරුදු 21 සහ 23 වයස්වල පසුවන දේවපුර සහ පැපිලියාවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

සැමියා නිවසින් බැහැරව සිටින අවස්ථාවක තම දරුවාට ප්‍රාණඇපයට ගෙන තමන්ව දූෂණය කළ බවට කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

තම දරුවා පොළොවේ ගසන බවට සැකකරුවන් තර්ජනය කළ බවට ඇය පැමිණිල්ලේ සදහන් කර තිබේ.

පූගොඩ පොලිසියේ උසස් නිලධාරියකු පවසා ඇත්තේ, සැකකරුවන් ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකළ අතර, කාන්තාව දූෂණය වූ බවට කිසිදු සළකුණක්‌ නොමැති බව ප්‍රකාශවී ඇති බවයි.

ඇය වෛද්‍ය වාර්තාවක් බලාපොරොත්තුවෙන් ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පැවසේ.

ඇයගේ සැමියා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් ව ඇත්තේ, තම බිරිඳ මීට මාස කිහිපයකට පෙර මානසික ප්‍රතිකාර ලබා ඇති බවයි.

පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරේෂ් ද සිල්වාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%