Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය උපුටා දක්වමින් විශේෂඥයකු පෙන්වා දෙන්නේ එරට සිටින විදේශික සිසුන්ගේ අස්ථායී නේවාසික තත්ත්වය මෙම සිදුවීම පිටුපස සාධකයක් විය හැකි බවයි.
ඉබරකි ප්‍රාන්තයේ ටොරිඩේහි නේවාසිකව සිටින උදේශිකා අයෝමි ජයලත් මාස නවයක පමණ ගැබිනියක්ව සිටියදී තම දරුවා ගබ්සා කළ බවට චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇත.
අසල්වැසි ටෝචිගි ප්‍රාන්තයේ උට්සුනොමියාවේ නේවාසිකව සිටින ඇගේ පෙම්වතා බව පැවසෙන මුණසිංහ සුදේශ් දිල්ෂාන් ද සොයිසා නමැති අය ද ගබ්සාවට ආධාර කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ඉබරාකි ප්‍රාන්ත පොලිසිය මැයි 23 වැනිදා නිවේදනය කළේය.
පසුගිය අප්‍රේල් 29 වැනි දින ද සැකකරුගේ නිවසේදී සැකකාරිය ඖෂධ වර්ගයක් භාවිත කර දරුවා ගබ්සා කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු සහ සැකකාරිය 30 හැවිරිදි වියේ පසුවන අතර දෙදෙනාම එම චෝදනා පිළිගෙන ඇත.
සැකකාරිය ඉකුත් මාර්තු මස අගදී ටොචිගි ප්‍රාන්තයේ ප්‍රසව වෛද්‍යවරයකු හමුවීමට ගොස් ගබ්සාවක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා තිබේ.
එහෙත් ජපානයේ මාතෘ සෞඛ්‍ය පනත යටතේ ගබ්සාවක් කිරීමට අවසර දී ඇති කාලය ඉක්මවා ගොස් ඇති බැවින් වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇත.
සැකකාරිය තොරතුරු තාක්ෂණ විෂය ධාරාව හැදෑරීම සඳහා ජපානයට ගොස් ඇති බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart