
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබේ.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, අන්තර්ජාතික මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි පත්කර ඇත.
එම දෙදෙනා අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇත.
ජනමාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයකු ලෙසද ප්‍රේක්ෂක හදවත් දිනාගෙන තිබෙන ඔහු ලේඛකයෙක්ද වෙයි.
දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ අනුරුද්ධ ලොකුහපුආරච්චි අන්තර්ජාතික රොයිටර් ප්රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වාදුන්නේය.
ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart