Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිලා ගැටලුව විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක වන එකම වැඩසටහන වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශක්‍යතා තක්සේරු කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වන්ද්‍යාකරණ වැඩසටහන වන අතර ගහනය වැඩි ප්‍රදේශවලින් අවට වනාන්තර ප්‍රදේශවලට රිලවුන් ගෙන යෑම සම්බන්ධ තවත් වැඩසටහනක් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් තම වගාවන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලබා දෙන ලෙස දිවයිනේ සෑම ප්‍රදේශයකම ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
මෙම ගැටලුව විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ එන්ඩොස්කොපික් තාක්‍ෂණයක් භාවිත කර රිලවුන් සාර්ථකව වඳ භාවයට පත් කිරීම කොතරම් දුරට කළ හැකිද යන්න සොයා බැලීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බවයි.
“අපි බොහෝ කලකට පෙර රිලවුන් වන්ද්‍යාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා. එය තරමක් මන්දගාමීව වුණේ. පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ඊට අවශ්‍ය මුදල් ලබාගෙන එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ඔහු පවසා තිබේ.
මීට අමතරව, රිලවුන් අල්ලා ගැනීම සහ වෙනත් ස්ථානයකට ගෙන යෑම ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව ඔහු පවසයි.
“යම් ප්‍රදේශයක රිලා ගහනය සැළකිව යුතු ලෙස වැඩි නම්, ඔවුන් අල්ලා අසල වනාන්තරයකට ගෙන යනවා. දැනට ක්‍රියාත්මක වන්නේ මෙම වැඩසටහන් පමණයි,”යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
මෑත වසරවලදී පොල් වගාවන්ට සිදු වූ බරපතළම හානිය රිලවුන් සහ දඬු ලේනුන් විසින් සිදු කර ඇති බව කියනු ලැබේ.
2022 මුල් මාස හය තුළ එම සතුන් දෙවර්ගය විසින් විනාශ කරන ලද පොල් සංඛ්‍යාව මිලියන 92කි.
මේ අතර, කෘෂිකාර්මික, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් රිලවුන්, වල් ඌරන්, මොනරුන් සහ වෙනත් වන සතුන්ගෙන් සිදුවන මහා පරිමාණ වගා හානි වැළැක්වීම සඳහා මහජන යෝජනා ඉල්ලා තිබිණි.
වාර්ෂිකව රුපියල් බිලියන 30ක් පමණ ඇස්තමේන්තු කර ඇති වන සතුන්ගෙන් සිදුවන වගා හානිය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට, ජන ජීවිතයට සහ ජාතික ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දැන්වීමක සඳහන් වේ.
මෙම ප්‍රශ්නයට ඵලදායි ලෙස මුහුණ දීම සඳහා, වගා හානි අවම කිරීම සම්බන්ධ තම අදහස් හෝ ක්‍රමවේද ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශය සාමාන්‍ය ජනතාවට, විද්වතුන්ට සහ පරිසරවේදීන්ට ආරාධනා කර තිබිණි.
කෙටි ව්‍යාපෘති සැලසුම් ලෙස විද්‍යුත් තැපෑලෙන් addlsecdev@agrimin.gov.lk වෙත හෝ WhatsApp හරහා 0770440590 යන අංකයට දෙසැම්බර් 28 වන විට යෝජනා ඉදිරිපත් කළ හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart