April 25, 2025

සිරි දළඳා වන්දනාවට සමගාමී රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරී කටයුතු අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, හෘදයාබාධ තත්වයක් හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි.

සිරි දළදා වන්දනාව අද අටවැනි දිනටත් පැවැත්වෙන අතර අද දිනයේ ද දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා වන්දනාකරුවෝ විශාල පිරිසක් එක්ව සිටිති.

ඉකුත් 18 වනදා ආරම්භ වූ සිරි දළඳා වන්දනාව ලබන 27 වනදා දක්වා පැවැත්වේ.

දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇති බැවින් එම පිරිස මෙහෙයවීම සහ ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය සහ හමුදාව යොදවා ඇත.