August 25, 2024

අවිත්තාව ඉහළ කන්ද යගිරල ඇතා වැටුණු වල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන හායකයන් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු අදාළ දිය වලෙහි දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිතය.(ලංකාදීප)