Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ භටයින් දෙදෙනෙකු යොදවා තිබූ බවත්, ඉන් එක් සැකරුවෙකු මිහින්තලා පුදබිමේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඒ අනුව මිහින්තලා පුදබිමේ දී සැකකටයුතු ලෙස සිටි බවට වාර්තා වූ පුද්ගලයෙක් පිළිබඳව පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත්තේ, එලෙස පැවසුණු පුද්ගලයා යුද හමුදා නිලධාරියෙක් බවට හඳුනාගත් බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද සඳහන් කර ඇත.
“යුද හමුදා සොල්දාදුවෙක් මිහිනතලේ විහාරයේ රැඳිලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ පොලිස් නිලධාරීන්ට ඒ පුද්ගලයා ගැන සැක හිතිලා පරීක්ෂා කිරීමක් කරලා තියෙනවා. පසුව ඔහුගේ හැඳුනුම්පත පෙන්නලා ඔහු යුද හමුදා නිලධාරියෙක් බවට තහවුරු කරලා තියෙනවා. පසුව අනාවරණය වුණා නොච්චියාගම කඳවුරේ නිලධාරියෙක් කියලා.
ඉන්පසුව මිහින්තලේ විහාරයේ තිබෙන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාටත් දැනුම්දීලා තියෙනවා. ඒ වගේම විහාරාධිපති හිමියන්ටත් දැනුම්දීලා තියෙනවා. පොලිස් ස්ථානාධිපතිවරයා මෙම ස්ථානයට ගිහින් මෙම නිලධාරියාව පරීක්ෂා කරලා තියෙනවා. ඔහු යුද හමුදා නිලධාරියෙක් කියලා හඳුනාගෙන තියෙනවා. ඒ වගේම නොච්චියාගම කඳවුරෙන් එහි අණදෙන නිලධාරිවරයා එම ස්ථානයට ගිහින් ඔහුගේ සොල්දාදුවෙක් බවට හඳුනාගෙන අනන්‍යතාවය තහවුරු කරලා තියෙනවා යුද හමුදා නිලධාරියෙක් කියලා. ඒ කාරණය අවසන් වෙලා තියෙනවා පුද්ගල අනන්‍යතාවය තහවුරු වීමෙන් පසුව. වෙනත් සිදුවීමක් පොලිසිය පාර්ශවයෙන් සිදුවෙලා නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart