
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියමිත ආගමික වීසා බලපත්‍ර නොමැතිව යාඥා දේවමෙහෙයන් සඳහා මෙරටට පැමිණෙන විදේශීය දේශකයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි තීන්දු ක්‍රියාත්මක කරමින් සිටියි.
එවන් පසුබිමක එම නිලධාරීන් ඉකුත් සති අන්තයේ නුවරඑළියේ තවත් සභාවක් වටළා වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටව යන ලෙස විදේශීය දේවගැතිවරුන් දෙදෙනෙකුට නියෝග කර ඇතැයි වාර්තා වේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව විදේශීය දේශකයන් දෙදෙනකු ආගමික කටයුතුවල නිරත වන බවට ලැබුණු තොරතුරක් මත කොළඹ සිට එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් සිකුරාදා පස්වරුවේ නුවරඑළියට පැමිණ තිබුණේ ආශිර්වාද මංගල්‍යයක් නිරීක්ෂණය කිරීමටය.
”47th Annual Bible Seminar of Jesus Lives Evangelical” ලෙස නම්කර තිබූ දේව මෙහෙය මාර්තු 10 සිට 12 දක්වා සහ මාර්තු 14 සිට 16 දක්වා සැසි දෙකක් ලෙස නුවරඑළිය නගර ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශකයකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, දේව මෙහෙයේ යෙදීසිටි ඉන්දීය සහ මැලේසියානු දේශකයන් කිහිපදෙනකු සොයාගත් බව සහ ඔවුන් මෙරට ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා අනුමැතිය ලද ලේඛණ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවයි.
චෙන්නායි සිට පැමිණි දේවගැති ජොයෙල් තෝමස්රාජ් සහ මැලේසියාවේ Petra Evangelical and Deliverance දේවස්ථානයේ නිර්මාතෘ සහ සභාපති දේවගැති Moses Melchizedek ආශිර්වාද උත්සවවලට සහභාගී වීම සඳහා සාමාන්‍ය සංචාරක වීසා බලපත්‍රයක් මත පසුගිය සතියේ කොළඹට පැමිණ ඇති බව අනාවරණ වී තිබේ.
ඒ අනුව, ඉකුත් සඳුදා වාර්තා වූයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යාපනයේ පැවති ආශිර්වාද මංගල්‍යයක් වැටළූ බව සහ සංචාරයක වීසා පමණක් ඇති ඉන්දීය දේවගැතිවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත් කළ බවයි.
අනතුරුව එම නිලධාරීන් යාපනයේ සිද්ධියේ මූලික විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබුණේ නුවරඑළියේ ද එවැනි ආශිර්වාද උත්සවයක් පැවැත්වීමට නියමිත බවයි.
ඒ අනුව, අදාළ විදේශීය දේශකයන් මෙරටට පැමිණ සිටීම සම්බන්ධයෙන් නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ, මෙරට කිසියම් ආගමික ප්‍රවර්ධන කාර්යයකට සහභාගී වන්නේ නම් විශේෂ ආගමික වීසා සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව දැනුවත් නොමැති බවයි.
ඉන් අනතුරුව එම දේවගැතිවරුන් දෙදෙනා ඉකුත් සෙනසුරාදා සහ ඉරිදා කොළඹින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වන අතර, ඉදිරියේදී එවැනි කටයුතුවලින් වළකින ලෙස ඔවුන්ව මෙරටට ගෙන්වූ ප්‍රාදේශීය ආරාධිතයන්ට ආගමන විගමන බලධාරීන් දැඩි ලෙස අවවාද කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart