November 3, 2024

එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකු එක්සත් ජනපදය බලා ගොස් තිබේ.

මෙය අනුග්‍රහය ලත් සංචාරයක් වන අතර, සංචාරය සඳහා මැතිවරණ කොමිසමේ අරමුදල් භාවිත නොකරන බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයාගේ සහ නිලධාරියාගේ සංචාරය අධ්‍යයන චාරිකාවක් බවත් එක්සත් ජනපදයේ මැතිවරණ නිලධාරීන් මෙතරම් විශාල මැතිවරණයක් සංවිධානය කරන්නේ කෙසේද යන්න මොවුන් අධ්‍යයනය කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

අමෙරිකානුවන් මිලියන 186.5කට ආසන්න සංඛ්‍යාවක් 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇත.

ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තරඟය මේ වන විට නොවැම්බර් 5 මැතිවරණ දිනය දක්වා කරට කර පවතිනු ඇති බවයි.

42.31%
17.27%
32.76%