Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වරෙන්තුකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට, තියුණු ආයුධවලින් හා ගල් මුගුරුවලින් පහරදි තුවාල සිදුකර එම වරෙන්තුකරුවන් දෙදෙනා මුදාගත් කාන්තාවො කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත්, පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවත් ඔයා මඩුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඔයාමඩුව වන්නි හැලඹෑව, වැල්මල්ගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 40 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු සහ ප්රධාන සැකකරුගේ 14 හැවිරිදි දියණිය බව පොලිසිය කියයි.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා, අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇතැයි ඔයාමඩුව පොලිසිය කියයි.
අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ඔයාමඩුව, වැල්මල්ගම, ප්රදේශයේ පියකු සහ පුත්රයකු අත්අඩංගුවට ගැනීමට යැමේදී මෙම ප්රහාරය එල්ල වූ බව පොලිසිය කියයි.
මෙහිදී ප්රධාන වරෙන්තුකරු සහ ඔහුගේ පවුලේ ඥාතී කාන්තාවන් පිරිසක් විසින් උදැල්ලකින්, පොරවකින් සහ ගල් මුගුරුවලින් පොලිස් නිලධාරීන්ට පහරදී මෙලෙස තුවාල කර තිබූ අතර, එම අවස්ථාවේදී වැටළීම් භාර නිලධාරියා වන උප පොලිස් පරීක්ෂක ජයවික්රම අමතර පොලිස් කණ්ඩායමක් ගෙන්වා ගෙන තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් තිදෙනා අයුතු ජනරාශිව සිටිමින් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකර පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවට අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් සැකකාරියන් දෙදෙනෙකු ලබන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සැකකාරියක් ඇපමත මුදාහැරි බව පොලිසිය පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart