June 30, 2024

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බව කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ නාවික නිලධාරීන් දෙදෙනෙකු නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ පුළුල් අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව අද මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

42.31%
17.27%
32.76%