42.31%
17.27%
32.76%
October 3, 2024

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2) කැලණිය සහ දෙහිවල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹකොටේ සහ දෙහිවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 සහ 41 යන වයස්වල පසුවන්නන් වේ.

ඔවුන් අද (3) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකරුවන් එම අපහාසාත්මක පෝස්ටර් සැලසුම් කිරීම, මුද්‍රණය කිරීම සහ බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

42.31%
17.27%
32.76%