Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කුරුඳු තැලීමට මාතරට යන බව පවසා නිවසින් පිටව ගොස් වන දින තෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව, එම පුද්ගයා මැන්ඩෝරාවල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ සහෝදරියගේ නිවසට ගොස් පාපැදිය එහි දමා අසල වෙල් යායකින් එගොඩ වී ගොස් ඇති බවට විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.
එම පුද්ගලයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේම පාලු ඉඩමක වැළිකිලි වළකට දමා ඇති බවට ලද තොරතුරක් මත 2024.12.13 වන දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෘත ශරීරය ගොඩගැනීමට කටයුතු කර තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වූ වල්ඉඟුරුකැටිය ,ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවදුරටත් කරන ලද විමර්ශනවලදී එම ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා අනවසර විදුලි රැහැන් අදින සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන 2024.12.13 වන දින අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී, මොවුන් විසින් යොදන ලද අනවසර විදුලි රැහැනක පැටලී මරණකරු මිය ගොස් සිටි බවත්, එම මෘත ශරීරය පිළිබඳව කිසිවෙකුට නොදන්වා ඉහත පාළු ඉඩමේ වැසිකිලි වලට දැමීමට කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 35 හා 46 වයස්වල පසුවන ඌරුගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරුවන් විසින් අනවසර විදුලි රැහැන් ඇදීමට යොදාගන්නා ලද කම්බි පොලිස් භාරයට ගෙන ඇති අතර ඌරුගස්මන්හන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart