May 5, 2024

ජපන් – ශ්‍රී ලංකා සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුගේ දායකත්වය අගයමින් ජපන් රජය විසින් ‘Order of the Rising Sun’ සම්මානය පිරිනමා තිබේ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා සහ අන්‍යෝන්‍ය අවබෝධය සහ ආර්ථික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට දායක වූ ලංකා -ජපාන මිත්‍රත්ව සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපති කෝසල රෝහණ වික්‍රමනායක ඔවුන්ගෙන් කෙනෙකි.

ඔහු ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇති අතර, මෝටර් රථ ආනයන සමාගමක් වන ‘කෝසල ඒජන්සීස්’ හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සහ ශ්‍රී ලංකා-ජපාන ආර්ථික කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ව්‍යාපාරික අත්දැකීම් වඩාත් හිතකර ලෙස යොදාගත හැකි බව ජපාන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජපන් රජය විසින් පිරිනැමූ ‘Order of the Rising Sun’ සම්මානය හිමිකර ගත් අනෙක් පුද්ගලයා වන්නේ ජපානයේ ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ (JASTECA) හිටපු සභාපති අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ යි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආර්ථික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට එම සම්මානයට පිරිනමා තිබේ.

අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ ලංකා ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජපන් කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කළ අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර තිබේ.

1991 දී ජපානය ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) හා සම්බන්ධ වූ දා සිට ඔහු 5S සහ Kaizen වැනි ජපන් කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා ජපානයේ පුහුණු වැඩසටහන් වල නිරත විය.

42.31%
17.27%
32.76%