January 1, 2025

උළුක්කුලම සහ මාවනැල්ල ප්‍රදේශවල සිදුවූ අනතුරු දෙකකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මාවනැල්ල, අම්බුළුගල ප්‍රදේශයේ 16 හැවිරිදි පිරිමි ළමයකු ගසකින් වැටී තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

තම මිතුරකු සමඟ පුවක් එකතු කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන පුවක් කඩමින් සිටියදී එම දරුවා ගසින් වැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර, උතුරුමැද පළාතේ උළුක්කුලම, යාය 02 ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් 07 හැවිරිදි දරුවකු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වී තිබේ.

වව්නියාවේ සිට යාය හත දක්වා ධාවනය වූ බස් රථයක පාපැදියේ ගමන් ගත් දරුවා හැපීමෙන් අනතුරුව බස් රථයේ පිටුපස රෝදයට දරුවා යටවී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා පාවක්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එම දරුවා පාවක්කුලම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

උළුක්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%