February 7, 2025

හෘදයාබාධයක් ගටගැනීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර එහිදී ප්‍රතිකාර ලබා සුවය ලැබූ ඇමෙරිකානු කාන්තාවක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රයෝජනය සඳහා ඇඳන් කට්ටලයක් පරිත්‍යාග කර තිබේ.

Jabe Japsen නමින් හැඳින්වෙන මෙම කාන්තාව මෙම පරිත්‍යාගය සිදුකළ අවස්ථාවේදී රෝහලෙන් හිමිවූ වෛද්‍ය සත්කාර සහ සේවය අගය කළාය.

එමෙන්ම සිය ජීවිතය බේරාගැනීම සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇය කෘතඥතාව පළකර තිබේ.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පුබුදු රණවීර සහ හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් අදාළ කාන්තාව රෝහල වෙත සිදුකළ පරිත්‍යාගය භාර ගෙන තිබිණි.

42.31%
17.27%
32.76%