March 8, 2025

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙළඳසැලක් තුළ සිටි කණ්ඩායමකට වෙඩිතබා පළාගොස් ඇත.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සැකකරුවන් හඳුනාගැනීමට සහ ප්‍රහාරය පිටුපස ඇති අරමුණ සොයාගැනීමට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.