March 29, 2025

වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා සැඟවී සිටීමට සහාය වූ බවට චෝදනා එල්ල වී ඇති දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.