42.31%
17.27%
32.76%
May 25, 2024

සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන ජනපවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිපදෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම පක්ෂය සමග එක්ව තිබේ.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති නන්දසේන හේරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට සජබ සමග එක්විය.

1993 දී උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ හෙතෙම, 1994 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2001 වසරේ වෙළෙඳ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

එලෙසම ශ්‍රීලනිපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන තිලක් මහලේකම්ගේද සජබ සමග එක්ව තිබේ.

1993 දී උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, වසර හතක් මින්නේරිය ආසනයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

මීට අමතරව පොළොන්නරුව මහ නගර සභාවේ බිඳුණුවැව කොට්ඨාසයෙන් ජනතා විමුක්ති පෙරමුණින් තේරී පත් වූ එකම හිටපු මන්ත්‍රීවරයා වන එච්.සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීම සඳහා සජබ හා එක්විය.

42.31%
17.27%
32.76%