
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මඟනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (25දා) නියෝග කළාය.
නැඟුම හිටපු නිලධාර්න් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගිපුරගේ මයිකල් නමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 205 අතර කාලය තුළදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපළ පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාහු අධිකරණයට දැන්වූහ.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා, මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමර්ශනයට අදාළ ප්‍රධාන පැමිණිලි ගොනුව අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් නියෝගයක් ලබාදීමට පෙර එම ගොනුවද පරීක්ෂා කළයුතු බව සඳහන් කරමින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart