Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රමුඛතම දේශීය ගුවන් සේවයක් වන Cinnamon Air, මහනුවර, සීගිරිය සහ දකුණු වෙරළ තීරයේ ගමනාන්තයන් වන කොග්ගල සහ හම්බන්තොට සම්බන්ධ කරමින් දිනපතා ගුවන් ගමන් දෙකක් දියත් කරන බව නිවේදනය කර තිබේ.
මෙම ගුවන් ගමන් 2024 නොවැම්බර් 1 වැනි දින ආරම්භ කිරීමට නියමිත අතර ශීත සමයේ නිවාඩු ගත කිරීම සඳහා පැමිණෙන විදේශ සංචාරකයන්ගේ පැමිණීමට කාලානුරූපව මෙම ගුවන් සේවය 2025 අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
සංස්කෘතික ත්‍රිකෝණය හෝ මධ්‍යම කඳුකරයේ සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ගවේෂණය කිරීමට කැමති සංචාරකයන්ට අසමසම අත්දැකීමක් මෙමගින් සහතික කරන අතරම පහසුව වැඩි කිරීමට සහ ගමන් කාලය අඩු කිරීමට මෙම අභ්‍යන්තර ගුවන් ගමන් සැලසුම් කර තිබේ.
මෙම ගුවන් ගමන් සමඟින්, මගීන්ට සංස්කෘතික ත්‍රිකෝණයේ ඕනෑම ප්‍රදේශයක සිට (සීගිරිය හරහා) හෝ මධ්‍යම කඳුකරයේ (මහනුවර හරහා) සිට දකුණු වෙරළ තීරයට මිනිත්තු 40ත් 50ත් අතර කාලයකදී ගමන් කිරීමට හැකිවීමෙන් ඒ සඳහා සාමාන්‍යයෙන් වැයවුණු පැය 6ත් 7ත් අතර වන ගමන් කාලය දිවයිනේ සුන්දර වෙරළ තීරයේ ගත කිරීමට අවස්ථාව ලබාදෙයි.
Cinnamon Air හි Cessna 208 ගුවන් යානා ඇණිය මගින් මෙම සේවා සපයනු ලබන අතර, මහනුවර සිට දකුණු වෙරළ තීරය දක්වා දිවෙන මාර්ගය ජලයෙන් ගුවන්ගත වීම සම්බන්ධ අද්විතීය සංචාරක අත්දැකීමක් ලබා දෙනු ඇත.
සශ්‍රීක වනාන්තර, කඳු බෑවුම් සහ පෞරාණික වෙරළ තීරයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ හා සිත් ඇදගන්නාසුළු භූ දර්ශන බාධාවකින් තොරව නැරඹීමට විශාල ජනේල සහිත ගුවන් යානා ඒ සඳහා විශේෂයෙන් තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ විදේශීය සංචාරකයන්ගේ ගමන් රටා වෙනස් වෙමින් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම ගුවන් සේවය හඳුන්වා දීමට තීරණය කළ බව සිනමන් එයාර් හි ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් ඩ්වයිට් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart