November 29, 2024

ශ්‍රී ලංකා ධජය සහිත ධීවර යාත්‍රා දෙකක් අරාබි මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ඉන්දීය බලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා ධජය සහිත ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළහැකි බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත ඉන්දීය නාවික හමුදාව සම්බන්ධීකරණය කරන ලද මෙහෙයුමක් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් ක්‍රියාකළ බව ඉන්දීය නාවික හමුදාව පවසයි.

ඉන්දියානු සාගර කලාපය පදනම්ව ඉන්දියානු නාවික හමුදාවේ දිගු දුර සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සහ දුරස්ථ නියමු ගුවන් යානා මගින් පුළුල් නිරීක්‍ෂණයක් සිදුකරන ලද අතර, මෙහෙයුම් දැඩි කිරීම සඳහා නාවික හමුදා නෞකාවක් යොදවන ලද බව ද ඉන්දීය නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඛණ්ඩ යෙදවුම් සහ ඉන්දීය හමුදාවේ ගුවන් යානා මගින් කරන ලද ගුවන් නිරීක්ෂණ මත බෝට්ටු දෙකක් හඳුනාගෙන ඇත.

බෝට්ටු දෙක එහි සිටි සැකකරුවන් සහ ඉන්දීය බලධාරීන් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

42.31%
17.27%
32.76%