60.83%
21.06%
14.83%
August 21, 2024

මිහින්තලය විහාරස්ථානය සහ කටුසෑය වැඳපුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස් පාසල් දැරියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියක⁣ට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක්කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලිය පොදු වැසිකිලියට පැමිණ, පොත් බෑගයේ සඟවා, ගෙනා ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳපුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන්ගේ ප්‍රකාශවල සටහන්ව තිබෙයි.

බස් නැවතුම්පොළේ රැඳී සිටියදී වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි එක් පාසල් සිසුවියකගේ පෙම්වතා බව කියන පුද්ගලයා දැරියන් දෙදෙනා වෑන් රථයේ දමාගෙන නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී එම නිවැසියන් දැරියන්ගේ වයස අසා, එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි.

60.83%
21.06%
14.83%