November 23, 2024

කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයේ කඹුරාපොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයේ කඹුරාපොළ බුජ්ගමුව පාලමින් පෙරළී යෑමෙන් අද(23) අලුයම මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය වන අවස්ථාවේ ජීප් රථයේ තිදෙනෙකු සිටි බව ද වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැත.

එහෙත් ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ අධික වේගය රිය අනතුරට හේතුවන්නට ඇති බවටයි.

 

42.31%
17.27%
32.76%