March 22, 2025

වරකාපොළ, දුම්මලදෙනිය ප්‍රදේශයේදී අද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනකු තුවාල ලබා තිබේ.

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කළ බස් රථ දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.