December 26, 2024

තිරුක්කෝවිල් සංගමන්කන්ද මුහුදේ ගිලී තිදෙනෙක් අතුරුදන් වී තිබේ.

දිය නෑමට ගිය වයස අවුරුදු 12ක පිරිමි දරුවන් දෙදෙනකු සහ ඔවුන් බේරාගැනීමට ගිය අයෙකු එලෙස අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඔවුන් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

42.31%
17.27%
32.76%