December 28, 2024

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 09ක අල්ලසක් ලබා ගනිමින් සිටි තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ දීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගත් ව්‍යාපාරිකගේ ඥාතියකුගේ ඉඩම සඳහා වන්දි ලබා දීමේ පොරොන්දුව මත ඔවුන් අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

42.31%
17.27%
32.76%