November 4, 2024

වීසා කොන්දේසි කඩකරමින් ශ්‍රී ලංකාවේ රැඳීසිටි විදේශීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදේශිකයන් 22 හැවිරිදි ඉතාලි ජාතිකයකු සහ 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මහනුවර සංචාරක පොලිස් ඒකකයට ලද තොරතුරක් මත මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී මෙම විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.