August 3, 2024

ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයන් සිව් දෙනෙකු ඊයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසම වෙත ඇප මුදල් තැන්පත් කල අපේක්ෂකයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇප මුදල් තැන්පත් කළ අය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමි සහ බත්තරමුල්ලේ සීලරතන හිමි ද වෙති.