Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර – මොරගහයට ප්‍රදේශයේ දුර්ලභ රත්‍දෝතළු මල් දහයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී නිලධාරීන් පවසන පරිදි මෙම මල් බොහෝ විට බුදුන් වහන්සේට පූජා කිරීම සඳහා යොදාගනී.
රත්-දෝතළු ගස්වලට හානිකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 4 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
වැඩිදුර විමර්ශන රත්නපුර පොලිසිය විසින් සිදුකරයි.
ලොක්සොකොකස් රුපිකෝලා ලෙස විද්‍යාත්මකව නම් කර ඇති රත්-දෝතළු ශාකය තල් විශේෂයක් වන අතර ලොක්සොකොකස් කුලයට අයත් එකම විශේෂය වේ.
ශ්‍රී ලංකාවට ආවේණික, වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ආරක්ෂා කර ඇති මෙම ශාඛය වනාන්තර අහිමි වීම හේතුවෙන් තර්ජනවලට මුහුණ දෙයි.
එහි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති තත්ත්වය සලකා බලමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව නිකුත් කරන ලද තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් ඉස්මතු කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස, 2020 ලෝක වනජීවී දිනයේදී රත්-දෝතළු මල් සහිත තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී.
දැඩි තර්ජනයකට ලක්ව ඇති මෙම දුර්ලභ ශාකය ආරක්ෂා කර දෙන ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
රත්-දෝතළු ශාකයට වන හානිය පිළිබඳ තොරතුරු දන්නේ නම්, 1992 වනජීවී හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙනලෙස වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart