Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ජා ඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී වටිනා ගජමුතුවක් ළඟ තබාගෙන රුපියල් ලක්ෂ 63ක මුදලකට වෙළෙඳ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට සූදානම් වී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා (4) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව ජා ඇළ පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර සහ මහියංගණය යන ප්‍රදේශවල පදිංචි 29 සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් දෙදෙනාම දිගු කලෙක සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සහායකයන් ලෙස සේවය කරමින් සිටින බව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ජා ඇළ විශේෂ කාර්යාංශ උප ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරක් මත ජා ඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියගේ මෙහෙය වීම මත උප පොලිස් පරීක්ෂක පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් සහ ගජමුතුව අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart