
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය වහල මත සූර්ය පැනල පද්ධති සවිකර ඇති හිමිකරුවන්ට යළි දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ අනුව, එම මණ්ඩලය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ, කෙටි පණිවිඩයක් ලැබුණ හොත් එතැන් සිට පස්වරු 03.00 දක්වා වහල මත ඇති සූර්ය පැනල පද්ධති තාවකාලිකව විසන්ධි කරන ලෙසයි.
අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ විදුලි ඉල්ලුම සැළකිව යුතු ලෙස අඩුවීම හේතුවෙන් ජාල අස්ථාවර වීමේ අවදානමක් පවතින අවස්ථාවක මෙම පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා වන පුරෝකථන ඉල්ලුම සහ ක්‍රියාකාරී පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව, එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළ බව පවසමින් එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබිණි.
තවද, විදුලිබල මණ්ඩලය පසුගිය දින කිහිපය තුළ විදුලිබල පද්ධතියට ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා වහලය මත ඇති සූර්ය පැනල පද්ධති හිමියන් ලබාදෙන සහයෝගයට සිය කෘතඥතාව පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart