Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කතා මවන පැරිස් ඔලිම්පික් උළෙලෙන් ඇසෙන තවත් රස කතාවකි මේ.
මේ තුර්කියේ යූසුෆ් ඩිකෙක් (Yusuf Dikec) ය.
51 හැවිරිදි යූසුෆ් මෙවර ඔලිම්පික් උළෙලෙදී මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම තම රටට දිනාදීමට සමත්විය.
ඒ,සෙව්වාල් ලයිඩා සමගිනි.
ඔහුගේ මේ ජයග්‍රහණය විශේෂ ජයග්‍රහණයකි.
ඒ ඔහුගේ වෙඩි තැබීමේ දක්ෂතා නිසාම නම් නොවේ.
සාමාන්‍යයෙන් මේ තරග ඉසව්වේදී තරගකරුවන් තරගබිමට පිවිසෙන්නේ, ඊට වෙන්වුණු විශේෂ ආරක්ෂිත උපකරණ සමගිනි.
කන් ආවරණ හා විශේෂ උපැස් යුවලක් පළඳින මුත් යූසුෆ් ඩිකෙක් ඒවා කිසිවක් භාවිත කළේ නැත.
මේ නිසාම සමාජ මාධ්‍යන්හි ජනප්‍රිය චරිතයක් වීමට ඔහුට හැකිවිය.
යූසුෆ් තම කලිසම් සාක්කුවේ එක් අතක් තබාගෙන තරග වදින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
මෙම තරගයේ රන් පදක්කම සර්බියාවට හිමි වූ අතර, තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ලෝකඩ පදක්කම ඉන්දියාව හිමිකර ගැනීමයි.
යූසුෆ් ඩිකෙක් මේ සහභාගී වන්නේ පස්වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලටයි.
ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියකු වෙයි.
එසේම ඔහු ක්‍රීඩා විද්‍යාව සම්බන්ධයෙන් උපාධිධාරියකුද වෙයි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart