December 25, 2024

2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ විනාශකාරී සුනාමි ව්‍යසනයෙන් පසු ළදරුවෙකු ලෙස දිවි බේරාගන්නා ලද සහ උසාවි සටනකින් පසු තම දෙමාපියන් සමඟ නැවත එක් වූ කලක් ‘බේබි 81’ ලෙස හැඳින්වූ මෙම පිරිමි ළමයා දැන් උසස් අධ්‍යාපනය සඳහා සිහින මවන 20 හැවිරිදි තරුණයෙකි.

සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ 35,000කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් පිරිසක් අතුරුදහන් විය.

‘බේබි 81’ නොහොත් ජයරාසා අභිලාෂ්ගේ කතාව නූතන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපතකින් කැඩී බිඳී ගිය පවුලක් නැවත එක්වීම සනිටුහන් කළේය.

මාස 2 ක් වයසැති අභිලාෂ් බිළිඳා නැගෙනහිර ශ්‍රී ලංකාවේදී සුනාමියෙන් ගසාගෙන ගොස් ඇති අතර බේරාගත් අය විසින් නිවසේ සිට යම් දුරකදී සොයා ගන්නා ලදී.

රෝහලේදී ඔහු ඇතුළත් වීමේ ලේඛනයේ අංකය 81 විය.

ඔහු ‘බේබි 81’ වූයේ එම රෝහල් අංකය හේතුවෙනි.

ඔහුගේ පියා වන මුරුගුපිල්ලේ ජයරාසා දින තුනක් පුරා විසිරී ගිය තම පවුල සොයමින් ගතකළේය.

මුලින්ම ඔහු තම මව සොයාගත අතර, පසුව ඔහුගේ බිරිඳද සොයාගත් නමුත් ඔවුන්ගේ ළදරු පුතා අතුරුදහන් විය.

රෝහලේ හෙදියක් දරුවා රෝහලෙන් රැගෙන ගොස් ඇතත්, ඔහුගේ පවුලේ අය ජීවතුන් අතර සිටින බව සැලවීමෙන් පසු දරුවා ආපසු ලබා දී ඇත.

Tsunami's 'Baby 81' dreams of being a doctor | The Sunday Times Sri Lanka

කෙසේවෙතත් ‘බේබි 81’ තමන්ගේ යැයි පවසමින් තවත් පවුල් නවයක් තම නම් රෝහලට ඉදිරිපත් කර තිබූ අතර, ඒ නිසා සාක්ෂි නොමැතිව දරුවා ජයරාසාට සහ ඔහුගේ බිරිඳට භාරදීම රෝහල් පරිපාලනය ප්‍රතික්ෂේප කළේය.

එමනිසා දරුවාට අයිතිවාසිකම් කියූ කණ්ඩායම්වලට පොලිසියට යෑමට සිදුවූ අතර පසුව කාරණය අධිකරණයට යොමුකෙරිණි.

විනිසුරුවරයා DNA පරීක්ෂණයක් කිරීමට නියෝග කළේය. එය ශ්‍රී ලංකාවේ DNA පරීක්ෂණ ආරම්භ කෙරුණු මුල් අවධිය විය.

කෙසේවෙතත් අනෙක් පවුල් නවයෙන් කිසිවකු බිළිඳාට නීත්‍යානුකූලව හිමිකම් කීවේ නැති අතර, ඔවුන් පිළිබඳ DNA පරීක්ෂණයක් සිදුනොකළ බව ජයරාසා පවසයි.

“දරුවා තමන්ගේ යැයි කී සියලු දෙනාටම DNA පරීක්‍ෂණයට ලක් කරන ලෙස ප්‍රසිද්ධියේ කැඳවීමක් කළ නමුත් ඔවුන් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැහැ” ඔහු අතීතය ගැන තමා ඇසූ දේ කියයි.

ජයරාසා පැවසුවේ ඔහුගේ පවුලේ අය DNA සාම්පල ලබා දුන් බවත් දරුවා ඔවුන්ගේ බව ඔප්පු වූ බවත්ය.

වැඩි කල් නොගොස් පවුල නැවත එකතු විය.

ඔවුන්ගේ කතාව අන්තර්ජාතික ජනමාධ්‍යවල අවධානයට ලක් වූ අතර ඔවුහු සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්සත් ජනපදයට පවා ගියහ.

අද අභිලාෂ් උසස් පෙළ අවසන් විභාගයට පෙනීසිට, තොරතුරු තාක්ෂණය හැදෑරීමට විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

තම දෙමාපියන්ගෙන් ඔහුගේ කතාව අසා හැදී වැඩුණු බවත්, පන්තියේ මිතුරන් ඔහුට “බේබි 81” හෝ “සුනාමි බබා” ලෙස හඳුන්වමින් විහිළු කළ බවත් ඔහු පවසයි.

ඔහු ලැජ්ජාවට පත් වූ අතර, සුනාමියේ සංවත්සරය පැමිණෙන සෑම අවස්ථාවකම එම විහිලුව නරක අතට හැරෙන බව ඔහු සඳහන් කරයි.

ඔහුගේ පියා පැවසුවේ කුඩා කල එලෙස විහිළු කිරීම නිසා බොහෝ කලකිරීමට පත්වී කෑම පවා ප්‍රතික්ෂේප කළ බවයි.

“මම ඔහුව සනසවා, ‘පුතේ, ඔබ මේ ලෝකයේ එවැනි නමක් ඇති එකම තැනැත්තා වීම අද්විතීයයි,” ඔහු පවසයි.

20 years after Indian Ocean tsunami, boy found in mud embraces being known  as 'Baby 81' | News Today News - The Indian Express

මෙම අන්වර්ථ නාමය ජීවිත කාලය පුරාම ඔහු පසුපස එන බව ඔහු දැන් දනී. එහෙත්න්දන් ඒ සියල්ල අවබෝධ කරගැනීමට ඔහුට හැකියාව ඇත.

“දැන් මම එය මගේ කේත වචනය ලෙස පමණක් ගන්නවා,” ඔහු විහිළුවට පවසයි. “ඔබට මාව සොයාගැනීමට අවශ්‍ය නම්, එම කේත වචනය වෙත පිවිසෙන්න.”

ඔහු තමා ගැන කියවීමට අන්තර්ජාලය ඔස්සේ දිගටම සෙවුම් කරයි.

42.31%
17.27%
32.76%